Aale Corona

Show Times

01:00 PM

Details

Rating : General Audiences (G)

Description

  කොරෝනා වසංගතයත් සමග චිත්‍රපට කර්මාන්තය බිඳ වැටී ඇති කාලවකවානුවක, කොරෝනාවෙන්ම පන්නරය ලබාගෙන නැවත චිත්‍රපට කර්මාන්තයට පන දෙන්නට රිදී තිරයට පැමිනෙන අසම්මත ආලයක් පිලිබඳ කාතාවකි 'ආලේ කොරෝනා'!  වසංගතේ අසම්මතේ යුවලක් ගෙවූ දින 46 ක කතාවක් යන තේමා මාතෘකාවක් යටතේ ඔබ වෙතට ගෙන එන ආලේ කොරෝනා චිත්‍රපටය තරමක් වෙනස් කතා විලාශයක් සහිත චිත්‍රපටයක්. මෙහි ඇති විශෙෂත්වය වන්නේ මෙහි කතා අන්තර්ගතය පසු ගිය කාලයේදී අපට අත්විදීමට ලැබුනු අප කාගෙත් හිතට දැනෙන සැබෑ අත්දැකීම් ඒලෙසටම සරලව හා රසවින්දනයට උපරිම දායකත්වයක් ලබා දෙන ලෙස භාවිතා කර තිබීමයි. Realistic Cinema යන ශෝනරයට අයත් වන මෙම චිත්‍රපයටයේ පිටපත හා නිශ්පාදනය යූ. ඒ පල්ලියගුරු විසිනි.  සිංහල සිනෙමාවේ නිර්මාණය වූ අති දැවැන්ත සිනෙමා නිර්මාණයක් වන Super Six චිත්‍රපටයෙ අධ්‍යක්ෂ වන ඔහු , සාම, පැණි මකුළුවො, සූස්ති, රුහිරේ ( තිරගත වීමට නියමිත ) වැනි චිත්‍රපට නිශ්පාදන කිරීමේ කර්තව්‍යයේ පස්වන  සිනෙමා නිෂ්පාදනයයි මේ. සත්‍ය කතාවක් ඇසුරින් යු .ඒ  පල්ලියගුරු අතින්  ලියවුනු මෙහි අධ්‍යක්ෂනය සංජය නිර්මාල් විසිනි. එමෙන්ම  ජනාදිපති  සම්මාන /සාක්  සම්මාන  හොදම නළුවා සම්මානයෙන් පාත්‍ර වූ   ජෙහාන් ශ්‍රීකාන්ත සමග , ඩිශ්නි රාජපක්ෂ,බුද්ධික ජයරත්න, වසන්ත විට්ටච්චි හා දීපානි සිල්වා යන නලු නිලියන් දායක වී ඇත. ලොක් කාලයේ   ආදර  කතාවක්, ආලේ කොරෝනා..   දිවයින පුරා සිනෙමාහල්වල තිරගත වේ .

  • Advertise Here
    Advertise Here
    Advertise Here
    Advertise Here
  • Advertise Here
    Advertise Here
    Advertise Here
    Advertise Here
  • Advertise Here
    Advertise Here
    Advertise Here
    Advertise Here
  • Advertise Here
    Advertise Here
    Advertise Here
    Advertise Here
  • Advertise Here
    Advertise Here